එක්දින ලෝක කුසලාන ක්‍රීකට් තරඟාවලියේ 24 වැනි තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 309න් පරාජයට පත් කරමින්.

මෙම තරඟය ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 399ක් රැස් කළා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44දී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු 40න් මැක්ස්වෙල් රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන තරඟාවලියකදී ක්‍රීඩකයෙක් රැස් කළ වේගවත්ම ශකය ලෙසයි.

එමෙන්ම මෙහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 104ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 71ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලෝගන් වෑන් බීක් ලකුණු 74ට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.

මෙහිදී නෙදර්ලන්ත කණ්ඩායමේ බාස් ඩි ලීඩ් යොමු කළ පන්දුවාර 10 තුළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම ලකුණු 115ක් රැස් කිරීම කැපී පෙනුනා.

ඒ අනුව මෙය ඉතිහාසයට එක් වුණේ එක්දින තරගයකදී පන්දු යවන්නෙක් ලබා දුන් ඉහළම ලකුණු සංඛාය ලෙසයි.

මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 08කට කඩුළු 04ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content