එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ටේ‍රලියාව ඊයේ සමත් වුණා.

මෙම තරගයෙ අවසන් දිනය වූ ඊයේ දිනයේදී ඕස්ටේ‍රලියාවට ලකුණු 281ක ඉල්ලක්කයක් හිමි වුණා.

ඒ අනුව ඕස්ටේ‍රලියාව කඩුළු 08ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත සිය පළමු ඉනිම සදහා කඩුළු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියාව සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 273ක් රැස් කළ අතර, ඒ අනුවයි ඕස්ටේ‍රලියාවට ලකුණු 281ක ජයග්‍රාමී ඉලක්කයක් හිමි වුණේ.

WhatsApp Group

Skip to content