ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අද දින  අත්අඩංගුවට ගෙන තිබෙනවා 

සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචාකර ඇති බවට පැමිණිලි 4 ක් කාර්යාංශය වෙත ලැබී ඇතැයි සදහන්

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත  මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා

සැකකාරියන් දෙදෙනා මේ වන විට බදුල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර, හෙට දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

එමෙන්ම අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී තිබ‍ෙනවා

එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතීනවා

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, විමර්ශන නිළධාරි එම්.කේ.සුමනවීර ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියා

 

WhatsApp Group

Skip to content