ඔස්ට්‍රේලියාව රජයේ කටයුතු හා සම්බන්ධ වන ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධයෙන් අද නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

බ්‍රිතාන්‍ය, නවසීලන්තය, කැනඩාව සහ ඇමෙරිකාවේ ටික් ටොක් යෙදවුම සදහා මේ වන විටත් තහනමක් පනවා තිබෙනවා.

චීනය විසින් හිමිකාරිත්වය දරණ ටික් ටොක් යෙදවුම හරහා සිය රටවල තොරතුරු චීන ආරක්ෂක අංශ මගින් ලබා ගැනීමට පවතින අවදානම හේතුවෙන් රටවල් රැසක මෙම යෙදවුම තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content