ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ තෙල් ප්‍රවාහනය කළ නැවක් බවයි එම වාර්තා වල සඳහන් වන්නෙ.
මෙහිදී පස් දෙනෙකු හට හදීසි ප්‍රතිකාර ලබා දී ඇති අතර, මෙලෙස බේරාගත් ශ්‍රී ලාංකිකයින් 21 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක තිබෙන බව සඳහන්.

WhatsApp Group

Skip to content