ලෝක කුසලාන එක්දිනක ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

හරාරේහිදී පැවැත්වෙන මෙම තරග දෙකම ඒ කාණ්ඩය යටතේයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

එක් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නේපාල කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි.

මෙම තරග දෙකම මෙරට වෙලාවෙන් මධ්‍යහන 12 යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඊයේ ඕමානය සමග පැවති තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පරමුණ ගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය හෙට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content