ශ්‍රී ලංකාව තුළ පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වහාම වෙනස් විය යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව මැතිවරණයකදී වියදම් කළ හැකි ඡන්ද අපේක්ෂකයාට ජයගත හැකි බවත් වියදම් කළ නොහැකි ඡන්ද අපේෂකයා නියත වශයෙන්ම පරාජයට පත්විය හැකි බවටත් ඒ මහතා කියා සිටියා.

මෙහිදි මුදල් ඇති පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට තේරි පත්වීමට හැකියාව පැවතියද දුක් මහන්සියෙන් මුදල් උපයාගත් පුද්ගලයෙකුට කිසිදිනෙකත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවටයි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම, මෙම ඡන්ද ක්‍රමය පදනම් කරගනිමින් ඕනෑම දූෂිත පුද්ගලයෙකුට වුවද මුදල් වියදම් කිරීමෙන් දේශපාලනයට එක්විය හැකි බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියා.

 

WhatsApp Group

Skip to content