නාසා ආයතතනයේ ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශය යානය , බෙන්නු ග්‍රාහකයෙන් ලබාගත් පාංශු සාම්පල සමඟ අද, පෘතුවියට ගොඩබැසීමට නියමිතව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇමරිකාවේ උටා කාන්තාරය වෙත එය ගොඩබැස්සවීමට නියමිත බවයි.

එය වෙඩි උණ්ඩයක වේගය මෙන් 15 ගුණයකටත් වැඩි වේගයකින් පෘථිවි වායුගෝලය වෙත පැමිණෙනු ඇති බවටයි විද්‍යාඥයන් පවසන්නේ.

අනතුරුව පැරිෂුට් මගින් මෙම කැප්සියුලය ආරක්ෂිතව ගොඩබස්සවා ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි .

මෙම අභ්‍යවකාශ යානය 2016 වසරේදී අදාළ ග්‍රාහකය වෙත යවනු ලැබුවා.

මෙම යානය අද දිනයේදී සාර්ථකව පෘථිවියට ළගාවුවහොත් ග්‍රාහකයකින් පස් සාම්පල රැගෙන පැමිණි ප්‍රථම ඇමරිකානු අභ්‍යවකාශ යානය බවට එය පත්වනු ඇති.

WhatsApp Group

Skip to content