ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානයේ තරග කිහිපයක් අහිමි වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ පාකිස්ථානය සමග පසුගියදා පැවැති තරගයේදී දසුන් ආබාධයකට ලක්ව ඇති අතර ඔහු ස්කෑන් පරීක්ෂණයක් සදහා ද යොමුකර ඇති බවයි.

ඒ අනුව දසුන් ශානකට අවම වශයෙන් සති තුනක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීලග තරගය හෙට ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලක්නව් ක්‍රිඩාංගනයේදී දීර්ග පුහුණු සැසියකට එක්ව තිබෙනවා.

මෙම පුහුණු සැසියට දසුන් ශානක සහ වේග පන්දුයවන ක්‍රිඩක මතීෂ පතිරණ එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ.

මතීෂ පතිරණ ද උරහිසේ අබාධයකට ලක්ව ඇති අතර ඔහුට හෙට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

හෙට තරගයේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතරයි.

දිල්ලිහිදී පැවැත්වෙන තරගය පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content