ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ගැනිණි.
කැසිනෝ ඇතුළු සූදු ව්යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

WhatsApp Group

Skip to content