කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි.
කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.
එරට ‍වෙලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බවයි එම කොංග්‍රසය සඳහන් කර ඇත්තේ.
එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙනවා.
අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිතයි..

WhatsApp Group

Skip to content