ඩොලර් මිලියන 517.4ක මුදලක් විදේශගතව සිටින ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පවසන්නේ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය ධුරයේ වැඩි භාර ගැනීමෙන් පසුව පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 7.6ක මුදලක් ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ඉකුත් වසරේ ඔත්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව 45.63%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලක් ලැබී තිබෙනවා.

ඉකුත් වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2,929.4 ක් එනම් බිලියන 2.9 ක මුදලක් ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස දහයක කාලයට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලැබීම 66%කිස් ඉහළ ගොස් ඇති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content