වෙන් වෙන් වශයෙන් පක්ෂ ලෙස බෙදී සිටින බවට ජනතාව ඉදිරියේ සියඵ දෙනාම ප්‍රකාශ කළද සැවොම එක් කුලකයක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ලංකා ඉතිහාසයේ බොරු බෙදීමක් තුළින් ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය ලබාගත් කිසිවෙක් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටි බවයි ඒ මහතා කැනඩාවේ සිටින සිය ඡන්ද දායකයින් අමතා අදහස් දක්වා සිටියේ.

WhatsApp Group

Skip to content