එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට පැවත් වීමට තීරණය කර තිබෙනවා .

අදාළ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

ආරම්භ කරන බව එජාප මහලේකම් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම සදහා බව එම පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා .

මෙම ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතයි .

WhatsApp Group

Skip to content