2023 වසර මුල්දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පුවත්පතට පවසා තිබෙන්නේ.

සෘණ මට්ටමේ පැවැති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත් ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කරන්නැයි කැබිනට් ඇමැතිවරුන්ගෙන් සහ පොදුජන පෙරමුනේ නායකියන්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

ඕනෑම මැතිවරන්‍යකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට පොහොට්ටුව විශාල දායකත්වයක් ලබාදුන්නා පමණක් නොව ආණ්ඩුව රකින්නේද පොදුජන පෙරමුණ බැවින් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර තීන්දු ගැනීම වැදගත් බවයි.

මෙවැනි සාකච්ඡා කැඳවීමට පෙර ආණ්ඩුවේ පක්ෂ වෙන වෙනම කැඳවා සාකච්ඡා කර පසුව සියලු පක්ෂ කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීන්දු ගතයුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content