වෙළදපොලේ මේ වන විට එළවළු වර්ග රැසක  අඩුවීමක් දක්නට ලැබෙනවා.

මේ අනුව කැරට් කිලෝවක මිල රුපියල් 430 කට සහ බෝංචි මිල රුපියල් 300ක මට්ටමක පැවති බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් සදහන් කළේ.

එමෙන්ම ලීක්ස්වල මිල සටහන්ව තිබුණේ රුපියල් 150 ත් 250 ත් අතර මිලකටයි.

කෙසේ වෙතත් ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 480 ක් ලෙස මිල සටහන්ව තිබුණා.

එමෙන්ම ආනයනික ලොකු ළුණූ තොග මිලද රුපියල් 450 ත් 480 අතර අගයක සටහන්ව තිබූ බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.

WhatsApp Group

Skip to content