ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් අද උදෑසන තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරණයේදී ජනතාව බලාපොරොත්තුවන්නේ ජාතික වැඩපිලිවෙල ඇති නායකයෙකු මිස මනාප හොයන වැඩපිලිවෙලක් නොවන බවයි.

WhatsApp Group

Skip to content