ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව  හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය.

මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදුකළ වැඩ කොටස මෙරට සියලු පුරවැසියන් අමතක නොකළ යුතු බවද හිටපු අමාත්‍යවරයා කීය .

වසර 4කට පසුව යළිත් තමා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ මෙරට ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බවද කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි නාවින්න මහතා පැවසීය.

WhatsApp Group

Skip to content