එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ මධ්‍යම ආදායම්ලාභී රටවල්හි අධ්‍යක්ෂ ඇඩ්රියානා ජිමෙන්ස් කුලුන් ඇතුළු පිරිසක් දෙදින නිල සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හමුවී සාකච්ඡා කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

2003 වසරේ සිට මෙරට ළමුන්ට උපතේ සිට ලබාදෙන එන්නත් වැඩසටහනේදී සහනදායි මිලට ඒවා ලබාදීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය මැදිහත්ව කටයුතු කරනවා.

එම සන්ධානයේ නියෝජිතයින් එන්නත් ගබඩා කිරීම හා ශීතදාමය ආරක්ෂා කිරීම පිළිබඳව නිරීක්ෂණය කිරීමට නියමිත බව ද සඳහන් වෙනවා.

WhatsApp Group

Skip to content