ඉදිරි මාස කිහිපය තුළදී රජයේ රෝහල්වල සිටී ස්කෑන් ඇතුඵ පරීක්ෂණ සේවා රැසක් නතර වීමේ අවධානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටඵ සහගත වන බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරින් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බවයි චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විස වීමේ ප්‍රවණතාවය හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නත් වර්ගයක් සමග ඖෂධ වර්ග 5 ක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඖෂධ මිලදී ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට ජාතික නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධ සම්බන්ධයෙන් යම් ගැටඵකාරි තත්ත්වයක් මතු වුවහොත් පමණක් මැදිහත් වන බවටයි එම අධිකාරිය දැනුම් දී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content