නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණිය උදරාබාධයක් හේතුවෙන් ප්‍රේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී මෙම තරුණියට එන්නත් දෙකක් ලබා දී ඇති අතර ඉන් පසුව ඇති වු සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බවයි ඇගේ ඥාතීන් පවසන්නේ.

අදාළ සිදුවීමට පිළිබද එම තරුණියගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ගැටළු රැසක් මතුවු නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනායනය කිමරීට පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ අදාළ ඖෂධ තොගය අද දිවයිනට ලැබෙනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/SAMAN-RATHNAYAKE-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content