පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා .

එලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ වෙනත් පක්ෂ වලට මේ වනවිට සහයෝගය දක්වන ලද පිරිසකගේයි .

මෙම තීරණය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබුවා .

ඒ අනුව සාමාජිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යනු ඇති.

මේ අතර මෙරට මැතිවරණ ක්‍රමය ඩිජිටල් කරණය කල යුතු බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පල කලේ කොළඹ මරදාන ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
අදාළ ක්‍රමය ඉන්දියාවේද සාර්ථකව ක්‍රියාත්මක කල බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ .

https://www.vnews.lk/storage/2023/02/AMANDA-RANASINHA-EDIT-.mp3?_=1

මිට අමතරව ඊයේ දිනයේදීත් පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක , ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න , සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ලේකම් සුජීව සේනසිංහ සහ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-14.mp3?_=2

WhatsApp Group

Skip to content