එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සදහා ප්‍රෙප් නමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය පැවසුවේ දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබා ගත හැකි බවයි.

නව ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය පැවසුවේ දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41 න්ම මෙම ප්‍රතිකාර රෝගීන් හට ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවටයි.

WhatsApp Group

Skip to content