මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අපි පළමුවෙන් ම සමගි ජන සන්ධානය හැටියට අපි සුබ පතනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේ ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නො දුන් සියලු ම දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේ දී අපිත් එක්ක සන්ධාන ගතවෙලා, එකමුතු වෙලා මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා.

අද මේ රට ඉදිරියේ මේ මහජනයා දුන් වරම විශේෂයෙන්ම 2022 මැයි 09 හා ජූලි 09 ඇති වූ අරගලයේ අවසාන පියවර. මහජනයා බලාපොරොත්තු පිරිසිදු පාලනයක්, යුක්ති සහගත භාවයක්. ඒ සඳහා අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු අද ඉඳන් ඒ සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේ ම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම්, එම ව්‍යවස්ථා සංශෝධන, යම් යම් අණපනත් වෙනස් කරනවා නම්, ඒ යුක්ති සහගත අණපනත් වෙනස් කිරීම්වල දී, අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවා.

WhatsApp Group

Skip to content