ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ගෝලීය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදී ජගත් මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබදව මෙන්ම ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද දව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා.

තිරසර සංවර්ධන ප්‍රවර්ධනය ඇති කරන අතරම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් විස්තීරණ උපාය මාර්ග ගෙනහැර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මහ ලේකම්වරයා දැනුවත් කළා.

WhatsApp Group

Skip to content