එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා සහ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා .

එහිදී ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් පිළිබඳව සාකච්චා කර ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල විදුලි බිල අඩු කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබදවද මෙහිදී සාකච්චා කිරිමටයි කටයුතු කර ඇත්තේ .

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ එම වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද මෙහිදී සාකච්චා කර තිබෙනවා .

WhatsApp Group

Skip to content