එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාලව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා අනුමැතිය ලැබී ඇති බවද සඳහන්.

මෙම සමුළුවට රටවල් 44 ක නියෝජිතයින් 2000 කට වැඩි පිරිසක් එක්වීමට ද නියමිතයි.

 

WhatsApp Group

Skip to content