වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසනවා .

ඔහු පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවයි .

පසුගිය දශකය තුළ කවුන්සිලයේ නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසනවා .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් එම අදහස් පළ කර තිබෙනවා .

ඊයේ ජිනීවා හීදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content