නවසීලන්තයට එරෙහිව පැවති දෙවන පන්දුවාර විස්ස තරගය කඩුලු 07කින් ජය ගන්නට එක්සත් අරාබී එමීර් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හිදී පැවැති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එමීර් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

නායක මොහොමඩ් වසීන් ලකුණු 55ක් රැස් කළ අතර නොදැවී ක්‍රිඩා කළ අසීෆ් කාන් ලකුණු 48ක් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content