ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් හමුවුණා.
ඒ අග්‍රාමාත්‍යවරයාගේ එමීරයේ සංචාරය අතරතුරයි.
එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙළඳ ගනුදෙනු හා ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුවූ බව ද සඳහන්.

එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා ඇත්තේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳාම ඩොලර් බිලියන 85 දක්වා ළඟා වී ඇති බවයි.
ජී 20 රාජ්‍ය නායක සමුළුවට පෙර එය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ජී20 සමුළුව ලබන සැප්තැම්බර් මාසයේදි නවදිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content