2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

සිම්බාබ්වේ හරාරේහීදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 233 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ඉනිමේ සියලු දෙනා පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ දී ලකුණු 105 කට දවා ගනිමින් අපරාජිතවම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව අඛන්ඩව වාර්තා කළ 10 වැනි එක්දින තරග ජය මෙය වීම විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී එලෙස අඛණ්ඩව එක්දින තරග 10 බැගින් ජය ගෙන තිබුණා.

මෙහිදී පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 35 ක් ලබා දෙමින්.

තරගයේ වීරයා සම්මානයෙන් ඩිල්ෂාන් මදුෂංක පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා සම්මානය සිම්බාබ්වේ ක්‍රීඩක ශෝන් විලියම්ස් දිනා ගත්තා.

WhatsApp Group

Skip to content