13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

මෙම තරගය ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙරට වේලාවෙන් පස්වරු 2 ට අදාළ තරගය ආරම්භ වනු ඇති.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ තරග 3 ම ජයග්‍රහණය කරමින්.

මෙම සටහනේ පිළිවෙලින් 2 වන 3 වන සහ සිවු වන ස්ථාන නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය විසිනුයි හිමිකරගෙන ඇත්තේ.

නෙදර්ලන්තයද ඊයේ දිනයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීම සමග ශ්‍රී ලංකාව අභිබවා යමින් 9 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සටහනේ මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

WhatsApp Group

Skip to content