ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන බලධාරීන් ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර අද දිනයේ අදාළ තීරණය ඔහු වෙත දැනුම් දීමටයි නියමිතව ඇත්තේ

ඒ අනුව එක්දින කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් හට පවරනු ඇති බවයි වාර්තා වන්නේ .

පසුගියදා පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලද පරාජයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල දසුන්ගේ නායකත්වය පිලිබදව දැඩි කතා බහක් ඇති වුණා .

ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කලේ ක්‍රීඩකයෙක් වශයෙන් පසුගිය තරග වලදී කණ්ඩායමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට නොහැකි වීම අදාළ ඉවත් කිරීමට මූලික හේතුව වී ඇති බවයි.

කෙසේ වෙතත් නායකයකු ලෙසි දසුන් ශානක විසින් එක්දින තරග 39 කට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 23 ක් ජයග්‍රහණය කර තිබෙනවා .

එහිදී ජයග්‍රාහී ප්‍රතිශතය සටහන්ව ඇත්තේ සියයට  58.9 ක් ලෙසයි .

WhatsApp Group

Skip to content