එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 13 වැනි තරගයෙන් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 69න් පරාජයට පත් කරමින්.

මෙම තරඟ ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින තරඟයකදී එංගලන්ත කණ්ඩායම පරාජය කළ පළමු තරගය ලෙසයි.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 284ක්.

එහිදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 57දී ලකුණු 80ක් රැස් කළා.

පන්දු යැවීමේදී අදිල් රෂීඩ් කඩුළු 03ක් සහ මාර්ක් වුඩ් කඩුළු 02ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

WhatsApp Group

Skip to content