ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .

තරගය පැවැත්වුණේ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී යි .

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු වාර 45 කදී ලකුණු 166 කට දැවී ගියා .

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේකොබ් බෙතල් ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමෙන් ඉසිත විජේසුන්දර සහ දුශාන් හේමන්ත කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 167ක් රැස්කරමින් තරගය ජයගත්තා.

WhatsApp Group

Skip to content