ඌරුගස්මංහන්දිය, 06 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලීසි සදහන් කළේ.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 45හැවිරිදිවියේ පසු වූ වෙළදසැල් ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණවී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරුගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content