ලබන සතියේ මුල්දින කිහිපයේ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ අනාවරණය කර තිබෙනවා.

එමෙන් ම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ .

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පවත්වනු ලැබුවා .

ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවන් පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වුණා .

 

 

WhatsApp Group

Skip to content