උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා කියා සිටියේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියට පැමිණ තිබෙනවා.

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර පසුගිය 18 දින සිට ආරම්භ වූ අතර එය ලබන 27 වැනිදා දක්වා පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

WhatsApp Group

Skip to content