අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් අද හෝ හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විභාග දිනය නියම කිරීම ඇමතිවරයාගේ කාර්යභාරය නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී සදහන් කලා .

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/SUSIL-EDIT.mp3?_=1

එමෙන්ම වසරේ 5 වසර ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී විභාගය පැවත්වීමට නියමිතයි.

මේ අතර 2022 – 2023 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අන්තර්ජාලයෙන් එම අයදුම්පත් තවදුරටත් යොමුකළ හැකි බවයි.

2022 වර්ෂය සඳහා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මතයි මෙම අයදුම්පත් භාරගනු ලබන්නේ.

WhatsApp Group

Skip to content