2023 උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ කාල සටහන ප්‍රකාශයට පත්කිරීමටයි නිටමිතව ඇත්තේ.

එමෙන්ම විභාගයට පෙනී සිටිමට අපේක්ෂාවෙන් සිට තවදුරටත් අයදුම් කිරීමට නොහැකි වු අයදුම්කරුවන් සදහා අද සිට දින 4ක් අයදුම් පත් යොමුකිරීමට අවස්ථාව ලබා දී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාග් අමිත් ජයසුන්දර මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/AMITH-JAYASUNDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content