2023 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමු`ඵ ලබන 29 වනදා සිට තහනම් වනවා.

එදින මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සදහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ලබන 22 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

WhatsApp Group

Skip to content