උරුමය වැඩසටහන මඟින් ලබා දෙන සින්නක්කර ඔප්පු සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා සඳහන් කලේ 0112 883812, 0112 883635, යන දුරකථන අංක ඇමතීම මගින් ඒ පිලිබඳ තොරතුරු ලබා ගත ගැකි බවයි.

ඊට අමතරව අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා 0112 797400, 0112 865824 යන දුරකතන අංකද ඇමතිය හැකියි

කොන්දේසි සහිතව රජයෙන් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන පවුල් ලක්ෂ 20කට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උරුමය වැඩසටහනට අනුව සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පු ලබා දීම ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content