උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය එළැඹෙන අප්‍රේල් 24 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර වටිනාකමකින් යුත් ජල විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 514ක වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2011 වසරේදීයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමයි.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුලු‍නු 65ක් හරහා කිලෝමීටර 23ක් බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙනවා.

WhatsApp Group

Skip to content