ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 දා පැවැති තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වන දා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content