දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි මස 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා

WhatsApp Group

Skip to content