මහා විහාර වංශානුයාත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඉහල හංවැල්ල ශ්‍රී විසුද්ධාරාමය, මරදම්මඩුව සිරි ගැමුණු විහාරය, හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාමය යන විහාරස්ත්‍රාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කැබිතිගොල්ලෑව සංඝ සභාවේ නිකාය සංවර්ධන සභාවේ ගරු ලේඛකාධිකාරි අති පුජ්‍ය ශ්‍රස්ත්‍රවේදි පණ්ඩිත හිරල්ලුගම විජයරතන මහා ස්ථවීර පාදයන් වහන්සේගේ හා ඉහල හංවැල්ල විසුද්ධාරාමාධිකාරි අති පුජ්‍ය ත්‍රිපිටකාචාර්ය හිරල්ලුගම අමරශාන්ත ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍ය වන පුහුදිවුලේ සුලෝචන සාමණේරයන් වහන්සේගේ අධි ශීල සංඛ්‍යාත උප සම්පදා විනය කර්මය 2023 ජුලි මස 24 වන දින මාතලේ බණ්ඩාරපොළ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කෙරුණා.

  උපසම්පදාවෙන් අනතුරුව උන්වහන්සේ තමා උපන් ගම්මානයේ පිහිටි පුහුදිවුල ශ්‍රී සාලරුක්ඛාරාම විහාරයේදී ප්‍රථම ධර්ම් දේශනාව 2023.07.26 වන දින සවස පැවැත්වූ අතර  මහා සංඝරත්නය ප්‍රමුක එම අවස්ථාවට තම මව සහ කිරි අම්මා ඇතුලු ගම්වාසි රැසක් සහභාගි වූවා.

 

WhatsApp Group

Skip to content