වවුනියාව දිස්ත්‍රික්කයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන්  එකඟතාවය පළ කළා.

වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා හා වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන්,උපකාර පන්ති ගුරුවරුන් සමඟ සිදුකළ සාකච්ජාවකදී අදාළ තීරණය ගෙන තිබෙනවා.

පසුගිය සතියේ යාපනය දිස්ත්‍රික්කයේ උපකාර පන්ති සිකුරාදා සවස හා ඉරිදා දිනයේ නැවැත්වීමට යාපනය දිස්ත්‍රික් උපකාර පන්ති ගුරුවරුන් එකඟතාවය පළ කොට තිබුණා.

දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අදාළ තීරණ ගෙන තිබුණා.

වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ උපකාර පන්තියක් සදුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා සවස 6.30 දක්වා පමණක් පැවැත්වීමටත්,ඉරිදා දිනයේ කිසිදු අවස්ථාවක උපකාර පන්ති නොපැත්වීමටද වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන් හා ගුරුවරුන් එකඟවූවා.

උසස්පෙළ දරුවන් වෙනුවෙන් පමණක් ඉරිදා දිනයේ උපකාර පන්ති පැවැත්වීමට සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සළකා බැලීමටද තීරණය කළා.

සාකච්ජාවන් වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන්,පොලිස් නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content