2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු තහනම් වනවා .

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වනතුරු අදාළ තහනම බලාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ .

ඒ අනුව මෙරව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවන් උපකාරක පන්ති පැවැත්වීම ,විෂයානුබද්ද දේශන, සම්මන්ත්‍රණ,වඩමුළු පැවැත්වීම මෙන්ම ප්‍රශ්න හා පිලිතුරු මුද්‍රණය බොදා හැරීම ආදි සියලු කටයුතු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්තුමා කියා සිටියා

WhatsApp Group

Skip to content