2023 අවසාන කාර්තුව වන විට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

උද්ධමනය කඩිනමින් පහළ යනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම 2024 වසරේ සිට රට ධන ආර්ථිකයක් කරා ගමන් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ප්‍රකාශ කර ඇති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

මේ අතර භාණ්ඩ රැසක් මත පනවා තිබූ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/PRASANNA-RANATHUNGA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content