කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 4%ක් ලෙස තනි ඉලක්කමකට අඩු වී තිබෙනවා.

2023 මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙලෙස ආහාර උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇත්තේ මාස ගණනකට පසුව වීම විශේෂත්වයක්.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජූනි මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 4%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023 ජුනි මාසයේ 12%ක් දක්වා පහත වැටී තිබෙන අතර මැයි මාසයේ එය වාර්තා වී තිබුණේ 25% ක් ලෙසයි.

එමෙන්ම ජුනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 16% ක් දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මැයි මාසයේදී 27%ක් ලෙස වාර්තා වී තිබුණා.

WhatsApp Group

Skip to content